බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන 92 වැනි “සාන්තුවරයන්ගේ සටන” (Battle of the Saints) වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන 19, 20 සහ 21 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙවර තරගාවලියේ ශූරයින් වෙත පිරිනමනු ලබන නිල කුසලානය එළිදැක්වීම ද පසුගියදා උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.
දෙවිදුහල් අතර පැවැත්වෙන 52 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අප්‍රේල් මස 25 වැනිදා SSC ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රමුඛතම තරගයක් වන සාන්තුවරයන්ගේ සටන නැරඹීමට දෙවිදුහල්වල ආදි ශිෂ්‍යයින් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














