මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ සූර්යකුමාර් යාදව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 131ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 445කට අධික) දැවැන්ත මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබේ. අවසන් මහා තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව මෙම ජයග්‍රහණය වාර්තා කළ අතර, පන්දුවාර 20-20 ලෝක කුසලාන 3ක් දිනූ ලොව එකම කණ්ඩායම ලෙස ඔවුන් මෙහිදී ඉතිහාසගත විය. ලෝක ශූරතාව දිනූ කණ්ඩායමට හිමිවන නිල ප්‍රදානයට අමතරව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම විශේෂ මුදල් ත්‍යාගය පිරිනමා ඇත.
කෙසේ වෙතත්, අවසන් මහා තරගයේදී නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් දෙසට පන්දුව වැරෙන් දමා ගැසීමේ විනය විරෝධී ක්‍රියාව නිසා වේග පන්දු යවන ක්‍රීඩක ආර්ෂ්දීප් සිංට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් සහ දඬුවම් ලකුණක් (Demerit point) පැනවීමට ICCය පියවර ගෙන තිබේ. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ සිය ආධිපත්‍යය තහවුරු කිරීමට සමත් විය.















