වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටතුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කළ ද, ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඖෂධ නියාමන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය පරිදි එම උපකරණ ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.