එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු බෙන් ඩක්ට් (Ben Duckett) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඔහු, සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තම රටේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
බෙන් ඩක්ට්ගේ මෙම හදිසි ඉවත් වීමත් සමඟ, දිල්ලි කැපිටල්ස් සංචිතයේ සිටින ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක වෙත ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් පැතුම් නිස්සංක කෙරෙහි දිල්ලි කණ්ඩායමේ කළමනාකාරීත්වය දැඩි විශ්වාසයක් තබා ඇති අතර, ඔහුට හිමිවන මෙම අවස්ථාව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ද දැඩි අවධානයට ලක්ව තිබේ.













