අලුත්ගම පොළ භූමියේ කොටසක් බදු දීම සඳහා බේරුවල ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් අද (16) විරෝධතාවක නිරත විය. සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින බේරුවල ප්‍රාදේශීය සභාව විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම පියවර වහාම අත්හිටුවා පොළ යළි සක්‍රීය මට්ටමට පත් කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාවට සමගාමීව බේරුවල ප්‍රාදේශීය සභා රැස්වීමේදී ද දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. පොළ භූමිය බදු දීමට එරෙහිව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එහිදී ප්‍රශ්න කළ අතර, සභාවේ බහුතර කැමැත්තෙන් තොරව මෙවැනි තීරණ ගැනීම සම්බන්ධයෙන් පාලක පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර වාද විවාද ඇති විය.
ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පොළ භූමිය බදු දීම හරහා සාමාන්‍ය ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි. මෙම තීරණය හකුලා ගන්නා තෙක් සිය විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ජනතාව මෙහිදී අවධාරණය කළහ.














