ලේක්හවුස් ආයතනයේ දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වල ආරක්ෂක පුවත් වාර්තාකරුවෙකු ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ ගාල්ල දඩැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 26ක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය 03 වැනිදා අභාවප්‍රාප්ත විය. මියයන විට 47 වැනි වියේ පසු වූ ඔහු එක්දරු පියෙකි.
2000 වසරේදී ලක්බිම පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි භක්ති ධර්මප්‍රිය මහතා දිනමිණ, රිවිර සහ හිරු මාධ්‍ය ජාලයේ ද සේවය කර ඇති දක්ෂ මාධ්‍යවේදියෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයා ද වේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී සිසුවෙකු වූ ඒ මහතාගේ දේහය මේ වන විට ගාල්ල, බූස්ස පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.














