හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, ජෙෆ්රි එප්ස්ටයින්ට (Jeffrey Epstein) අදාළ ලිංගික අපරාධ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විමර්ශන කමිටුව හමුවට කැඳවා තිබුණි. මෙම සාක්ෂි ලබාදීමේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ, එහිදී ඔහු දැක්වූ ඇතැම් ප්‍රතිචාර සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
එප්ස්ටයින්ට අයත් ‘හොට් ටබ්’ (Hot tub) එකක සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී ක්ලින්ටන් සියුම් ලෙස සිනාසෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ. බොහෝ දෙනෙක් මෙය “බියකරු” (Creepy) හැසිරීමක් ලෙස හඳුන්වා ඇති අතර, ඔහු පැරණි මතකයන් ආවර්ජනය කරමින් මෙලෙස සිනාසෙන බවට චෝදනා එල්ල වී ඇත. විශේෂයෙන්ම බාලවයස්කාර දැරියන් සිටින ඡායාරූපයක් දෙස බලා ඔහු මෙලෙස සිනාසීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බව විවේචකයෝ පවසති.
මීට අමතරව, සාක්ෂි ලබාදෙන අතරතුර ඔහුගේ දෑත් වෙව්ලන අයුරු ද නිරීක්ෂණය වී ඇති අතර, එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නව සැක සංකා මතු කිරීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, තමා කිසිදු වැරැද්දක් සිදු නොකළ බවත් එප්ස්ටයින්ගේ මෙවැනි ක්‍රියාකලාපයන් තමා දැක නොමැති බවත් ඔහු මෙහිදී අවධාරණය කර ඇත.














