• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති

11 May 2024
in දේශීය, පුවත්
කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ඊයේ (10) සංවිධාන කර තිබූ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව “හිංසන විරෝධී ගෝලීය අභිනයන්” හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ ධම්මික පෙරේරා මැතිතුමා වෙනසක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හිංසනයට එරෙහිව එතුමා මේ ආරම්භ කළ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි. DP Education වැනි ව්‍යාපාර අනාගත අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි. ඉතිහාසයේ අප අධ්‍යාපනය ලැබුවේ ගස් යට, ගල් ලෑලි භාවිතා කරමින්. ඉන්පසුව ගොඩනැගිලි, පොත් අධ්‍යාපනයට එකතු වුණා.වර්තමානයේ මෙන් ජංගම දුරතකන තිබුණේ නැහැ. ඒ වගේම විටින් විට අධ්‍යාපනය වෙනස් වුණා. පිරි‍වෙන් අධ්‍යාපනයේ සිට පාසල් අධ්‍යාපනය ද වෙනස් වෙනවා. අද සුහුරු පංති කාමර පාසලට පැමිණ තිබෙනවා. ධම්මික පෙරේරා මහතා DP Education හරහා නව අධ්‍යාපන මානයක් හඳුන්වා දී තිබෙනවා.මේ පදනමේ වියදමින් පාසල් 600කට පහසුකම් සපයා දී තිබෙන බව මට දැන ගන්න ලැබුණා. මේ නිසා ටියුෂන් පංති කාමරයත් වෙනස් වෙනවා. මෙයට කෘතිම බුද්ධිය එකතු වූ විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකියි. දරුවන් මෙම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කර සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දිය යුතුයි. සෑම දරුවෙකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අපට හැකියාවක් නැහැ. නමුත් තාක්ෂණය හරහා සෑම දරුවෙකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි.
කාන්තා හිංසනයට එරෙහිව සංඥා භාවිතා කරන්නේ කෙසේද යන්න අද මෙතනදි හඳුන්වා දුන්නා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය පාර්ලිමේන්තුවේ අප හඳුන්වා දෙනවා . කාන්තා හිංසනය නවත්වන්නේ කෙසේද යන්න මෙම හස්ත සංඥා මඟින් දැනුවත් කළ හැකියි. කාන්තා අයිතිවාසිකම් සුරකින්න අප කැපවී සිටිනවා. එය වචනයට සීමා කරන්න බැහැ. මේ ලබාදෙන සංඥා මඟින් කාන්තාවන්ට සිදුවන හිංසනය පිළිබඳ සමාජය දැනුවත් කර ඊට එරෙහි වීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපේ රටේ ධනපතියෝ සහ දානපතියෝ ඉන්නවා. දානපතියන් කියන්නේ මුදල් උපයාගෙන සමාජ සත්කාර කරන පිරිසක්. ධම්මික පෙරේරා මහතා සිදු කරන්නේ එවැනි ක්‍රියාවක්. කාන්තා හිංසනයට එරෙහිව කාන්තාවන් සවිබල ගැන්වීමට මේ වැඩපිළිවෙළ මඟින් හැකියාව තිබෙනවා. ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් විශාල ලෙස දුක් වින්දා. මා බලයට පත්වන කාලවකවානුවේදී කාන්තාවන් ආහාර නොමැතිව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. සමහර පවුල් ඉදිරියට ගෙන ගියේ කාන්තාවන් විසිනුයි. ඒනිසා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අප කටයුතු කරනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම,කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම,කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට මෙම පනත් කෙටුම්පත හරහා සිදුකළ හැකියි. එමෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීමට කොමිසමක්ද ස්ථාපිත කරනවා. ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් සිදුවනවා නම් කොමිසම මඟින් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් සාර්ථකම කණ්ඩායම වෙමින් තිබෙනවා. කාන්තාවන්ට තිබෙන බාධාවන් ඉවත් කිරීම අපේ වගකීමක්. පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ට ද මෙහි විශාල වගකීමක් පවරනවා. කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන ගැටලු විසඳා සමාජ සාධාරණයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.
මෙම පනත් කෙටුම්පත් දෙකම ජූනි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණය සහ මහ මැතිවරයෙන් පසුව පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩි කිරීමට අගමැතිවරයා සමඟ මා දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. අවම වශයෙන් කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද පැවසිය යුතුයි. ඒ වගේම පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරිමට බලාපොරොත්තු වෙනවා.

එපමණක් නොවෙයි, කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිගැනීමටද කටයුතු කරනවා. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි. ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කර කාන්තාවට හිමි ස්ථානය ලබාදීමට අප කටයුතු කරනවා‍ යැයි ජනාධීපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

DP Education නිර්මාතෘ හා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, ලසන්ත අලගියවන්න, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සංජීව එදිරිමාන්න, ඒ.එච්. එම්. ෆවුසි, අංගජන් රාමනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත කුන්ලේ ඇඩේනියි (Kunle Adeniyi) මෙන්ම තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 17,970
Previous Post

රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර

Next Post

රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පවුල්වලට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

editor ttvnews

editor ttvnews

Next Post
රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පවුල්වලට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පවුල්වලට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved