ශ්‍රී ලංකාවේ පුද්ගලයන් පිරිසක් බයිනෑන්ස් ගිණුම් භාවිත කරමින් සිදුකළ බව කියන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් බයිනෑන්ස් ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම ආයතනය අවධාරණය කරන්නේ අදාළ චෝදනා එල්ල වී ඇත්තේ ඇතැම් පුද්ගලයන්ගේ පෞද්ගලික ක්‍රියාවන්ට මිස ආයතනයට නොවන බවත්, ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන වෙත අවශ්‍ය සියලුම තොරතුරු සහ සහයෝගය දැනටමත් ලබා දී ඇති බවත්ය. බයිනෑන්ස් යනු අබුඩාබි ගෝලීය වෙළඳපොළ (Abu Dhabi Global Markets) යටතේ බලපත්‍රලාභී ආයතනයක් වන අතර, එහි සෑම පරිශීලකයෙකුම “ඔබේ පාරිභෝගිකයා හඳුනා ගන්න” (KYC) සහ “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ” (AML) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ලියාපදිංචි වී සිටින බැවින් විමර්ශන සඳහා අඛණ්ඩව දායක වන බව එම ආයතනය පවසයි. සිය අනුකූලතා වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කර ඇති බයිනෑන්ස් ආයතනය, සිය මුළු සේවක මණ්ඩලයෙන් 25%ක්ම වංචනික ක්‍රියා වැළැක්වීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා ඇති බවත්, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.














