හෙට දින වෙනුවෙන් නිර්මාණය කරන ලද නවීන විද්‍යුත් වාහන (EV), ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (Plug-in Hybrid) වාහන මෙන්ම වඩාත් කාර්යක්ෂම සහ පිරිසිදු සූර්ය බලශක්ති විසඳුම් ඇතුළත් සුවිශේෂී ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී ආරම්භ විය. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු පිම්මක් සනිටුහන් කරමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
මෙම ප්‍රදර්ශනය එළඹෙන ඉරිදා (29) දක්වා පෙරවරු 10:00 සිට පස්වරු 9:00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. ලෝකයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන මාදිලි රැසක් සහ නිවාස මෙන්ම කර්මාන්තශාලා සඳහා යොදාගත හැකි නවීන සූර්ය පැනල පද්ධති මෙහිදී දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳව තාක්ෂණික උපදෙස් ලබා ගැනීමටත් අමුත්තන්ට අවස්ථාව සලසා ඇත.
පවතින ඉන්ධන අර්බුදය සහ බලශක්ති පිරිවැය ඉහළ යාම හමුවේ, තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට මෙය කදිම අවස්ථාවක් වනු ඇත. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද සහ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව උනන්දුවක් දක්වන විශාල පිරිසක් ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේදීම එක්ව සිටිනු දක්නට ලැබුණි.














