බංග්ලාදේශයේ ඊයේ (12) පවත්වන ලද ඓතිහාසික මහ මැතිවරණයෙන් එරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන BNP (Bangladesh Nationalist Party) පක්ෂය අතිවිශාල බහුතර බලයක් දිනා ගැනීමට සමත් වී තිබේ. එරට පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 300න් ආසන 209ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මැතිවරණ ප්‍රතිඵලයේ සුවිශේෂී කරුණු කිහිපයක් මෙසේය:
නව නායකත්වය: BNP පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා මහත්මියගේ පුත් තාරික් රහ්මාන් (Tariq Rahman) බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත. ඓතිහාසික මැතිවරණය: 2024 වසරේ ඇති වූ දැවැන්ත ජනතා විරෝධතාවලින් පසු පවත්වන ලද පළමු මැතිවරණය මෙය වන අතර, නව අගමැතිවරයෙකු තෝරා ගැනීමට අමතරව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමට ද මෙහිදී ඡන්ද විමසීමක් පැවැත්විණි. ඒ අනුව ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ බංග්ලාදේශයේ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා විය. විපක්ෂ තහනම: ධුරයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය නියෝජනය කරන අවාමි ලීගයට මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි.














