බංග්ලාදේශයේ ඊයේ (12) පැවැති මහ මැතිවරණයෙන් එරට BNP පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. මුළු පාර්ලිමේන්තු ආසන 300න් ආසන 209ක් ජයග්‍රහණය කිරීමට එම පක්ෂය සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි. මෙම ජයග්‍රහණයත් සමඟ හිටපු අගමැතිනි කලීඩා ෂියා මහත්මියගේ පුත්‍රයා වන තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් පසුව පවත්වනු ලැබූ පළමු මහ මැතිවරණය මෙය වේ. නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීමට අමතරව, රටේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීම ද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණක් වී තිබුණි. බංග්ලාදේශයේ දේශපාලන ගමන්මගෙහි තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් BNP පක්ෂය මෙලෙස බහුතර බලයක් ලබාගැනීමට සමත් වී ඇත.














