බොලිවියානු ගුවන් හමුදාවට අයත් C-130H හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ලා පාස් නුවර එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල මාවතකට කඩා වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩබැස්සවීමේදී ධාවන පථයෙන් ලිස්සා ගිය යානය මාවතකට කඩා වැටීමෙන් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.














