ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර, විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility – EFF) යටතේ සිදු වූ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹී ඇති බව IMF නිවේදනයකින් ප‍්‍රකාශ වී ඇත.
මෙම සාර්ථක සමාලෝචනය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ දැක්වෙන ප්‍රගතියට IMF කාර්ය මණ්ඩලය සතුට පළ කර ඇති අතර, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි පවත්වාගෙන යාමට හා ආර්ථිකය ස්ථායී කර ගැනීමට රජය ගත් පියවරවලට ප්‍රශංසා දක්වා තිබේ.
IMF විධායක මණ්ඩලය මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347ක් පමණ වන නව මුදල් ලැබීමට නියමිතය.
අනතුරුව IMF විධායක මණ්ඩලය සමඟ අවසන් අනුමත පියවර ගැනීමෙන් පසු මෙම මුදල් කොටස ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.