බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් අද (අප්‍රේල් 10) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව බ්‍රසීල මුදල් අමාත්‍යාංශය පවසයි. ‘Project MIT’ (Mutual Interdiction Team) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය හරහා බ්‍රසීල ෆෙඩරල් ආදායම් සේවය සහ ඇමරිකානු රේගු හා දේශසීමා ආරක්ෂක අංශ (CBP) එක්ව කටයුතු කරනු ඇත.
දේශසීමා හරහා සිදුවන අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම මෙහි මූලික අරමුණයි. බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ පුළුල් ද්විපාර්ශ්වික එකඟතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ. බ්‍රසීල මුදල් අමාත්‍ය ඩාරියෝ දුරිගන් (Dario Durigan) අද පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණය කිරීමට නියමිතය.














