දූෂණ චෝදනාවලට වරදකරු වී දැනටමත් සිර දඬුවම් විඳිමින් සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතාට එරෙහිව පවතින තවත් නඩුවක් විභාගය සඳහා අප්‍රේල් මස 02 වන දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය.
මෙම නඩුවට අදාළ පසුබිම මෙසේය. 2012 සහ 2014 කාලසීමාව තුළ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී, රජයෙන් වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ලබා ගන්නා අතරතුර නීති විරෝධී ලෙස තවත් ඉන්ධන ලබා ගනිමින් රජයට පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අදාළ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියම කළේය.
එස්. එම්. රංජිත් මහතා මීට පෙර වෙනත් දූෂණ චෝදනාවකට වරදකරු වීම නිසා ඔහුට කොළඹ මහාධිකරණය මගින් වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇති අතර ඔහු දැනට එම දඬුවම විඳිමින් පසුවෙයි.














