බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ. 2015 වර්ෂයේදී ඔහු පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් අත්කර දීමට කටයුතු කර ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී ඇත.
මෙම ක්‍රියාව හරහා ඔහු අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බව පෙන්වා දෙමින් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ. අමාත්‍යවරයෙකුට එරෙහිව මෙලෙස දූෂණ චෝදනා මත නඩු පැවරීම දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්වන කරුණක් වී ඇත.















