එළඹෙන ශීත ඍතු සංචාරක සමය ඉලක්ක කරගනිමින් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි සෘජු ගුවන් සබඳතා ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබල පිබිදීමකට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලන්ඩන් ගැට්වික් (London Gatwick) ගුවන්තොටුපළේ සිට කොළඹ බලා ක්‍රියාත්මක වන මෙම සෘජු ගුවන් ගමන් වාර එළඹෙන ඔක්තෝබර් 23 වනදා සිට ආරම්භ වීමට නියමිතය
සතියකට තෙවරක් (3) ලන්ඩන් සහ කොළඹ අතර මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සපයන එකම ගුවන් සේවය මෙය වනු ඇත
බලශක්ති අර්බුදය මධ්‍යයේ වුවද, සංචාරක ක්ෂේත්‍රය දිරිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට මෙම ගුවන් සේවය යළි ආරම්භ වීම විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි
යුරෝපීය සංචාරකයින්ට මැදපෙරදිග හරහා නොවී සෘජුවම මෙරටට පැමිණීමට අවස්ථාව සැලසීම තුළින් එළඹෙන උත්සව සමයේ සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දුන් නව QR ක්‍රමවේදය වැනි සහන ද සමඟින් මෙම ගුවන් සේවය මෙරට ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙනු ඇත.














