වත්මන් යුදමය වාතාවරණය හමුවේ යුරෝපය සිය ආරක්ෂක උපාය මාර්ග නැවත සලකා බැලිය යුතු බවට ‘බෲගල්’ (Bruegel) නමැති ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ආයතනය (Think-tank) අනතුරු අඟවයි. ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මුහුණ දෙන අභියෝග ඇසුරින් යුරෝපයට ගත හැකි පාඩම් පිළිබඳව අද (01) නිකුත් කළ වාර්තාවක මෙසේ සඳහන් වේ.
ඉරානය විසින් එල්ල කරන ‘ෂහෙඩ්’ (Shahed) වර්ගයේ ඩ්‍රෝන යානයක පිරිවැය යුරෝ දසදහස් ගණනක් වන අතර, එය විනාශ කිරීම සඳහා අමෙරිකාව භාවිතා කරන එක් ‘පේට්‍රියට්’ (Patriot) මිසයිලයක පිරිවැය ඩොලර් මිලියන 4ක් (යුරෝ මිලියන 3.7ක්) පමණ වේ. මෙලෙස ලාභදායී ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉතා මිල අධික ගුවන් ආරක්ෂක පද්ධති සහ මිසයිල තොග වේගයෙන් අවසන් කිරීමේ (Attrition) යුද උපක්‍රමයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බව බෲගල් ආයතනය පෙන්වා දෙයි.
ඉරානයට වඩා රුසියාව යුරෝපයට එල්ල කරන තර්ජනය බරපතළ බවත්, රුසියාව සතුව පවතින දියුණු ගුවන් හමුදාව සහ මිසයිල පද්ධති හමුවේ යුරෝපයේ වත්මන් ආරක්ෂක විධිවිධාන ප්‍රමාණවත් නොවන බවත් එම වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම ප්‍රමාණයේ ප්‍රහාර එල්ල කරන ඉරානය මෙන් නොව, රුසියාව විසින් එල්ල කළ හැකි දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ යුරෝපීය ගුවන් ආරක්ෂක පද්ධති අඩපණ වීමේ (Overwhelming) දැඩි අවදානමක් පවතින බව විද්වත්හු පවසති. එබැවින් යුරෝපය සිය ආරක්ෂක වියදම් සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවට මෙමගින් අවධාරණය කෙරේ.














