වවුනියාවේ සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියැදුරෙකු මෙලෙස දඬුවමට ලක්ව ඇත. බස් රථය ධාවනය කරන අතරතුර මොහු දිගින් දිගටම ජංගම දුරකථනය භාවිත කරන බව දුටු මගියෙකු ඒ පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උතුරු පළාත් සභාපති එස්. විමලේශ්වරන් මහතා අදාළ රියැදුරු කැඳවා විමර්ශනයක් පවත්වා ඇත.
එහිදී රියැදුරු සිය වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ඔහුට දින තුනක වැටුප කපා හැරීමටත්, සතියක කාලයක් විශේෂ පුහුණු වැඩසටහනකට යොමු කිරීමටත් පියවර ගෙන තිබේ. මගී ප්‍රවාහන සේවයේ නියුතු රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතින් සිදුවන මෙවැනි වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා පෞද්ගලික දුරකථන අංකයක් ද සභාපතිවරයා විසින් හඳුන්වා දී ඇත.
ලංගම හෝ පෞද්ගලික ඕනෑම බස් රථයක සේවකයන් සිදුකරන මෙවැනි විනය විරෝධී ක්‍රියා පිළිබඳව 0719090900 යන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මගීන්ගේ අවධානය සහ පැමිණිලි ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව බලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.














