ඉරානයේ දකුණුදිග මුහුදුබඩ නගරයක් වන බුෂෙහ්ර් (Bushehr) හි පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල වූ ප්‍රහාර මාලාවකින් එහි නවතා තිබූ Airbus A319 වර්ගයේ මගී ගුවන් යානයක් මුළුමනින්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇත්තේ ගුවන් තොටුපොළට අමතරව එම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ගුවන් ආරක්ෂක පද්ධති සහ මිසයිල ගබඩා කරන මධ්‍යස්ථාන බව සඳහන් වේ.
බුෂෙහ්ර් ප්‍රදේශය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානයකට ද සමීපව පිහිටා ඇති බැවින් මෙම ප්‍රහාරය කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතු කර ඇත. ප්‍රහාරය හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරානය සිය ගුවන් සීමාවේ ආරක්ෂාව තර කිරීමට ද මෙයින් පසු පියවර ගෙන තිබේ.














