රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා ප්‍රතිජීවක එන්නත් (Antibiotic Injections) තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (13) දහවල් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 30 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව පොලිසිය තහවුරු කරයි. ඔහු ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට අද දහවල් 11.40 ට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6E-1283 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ ඇත. ඔහු සිය ගමන් මලු තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම එන්නත් තොගය සඟවාගෙන පැමිණ තිබියදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ. ගුවන් තොටුපොළ රේගුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














