බුත්තල ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලට අදාළ පුහුණුවීම් කටයුතුවල නිරතව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
පොලිසිය සඳහන් කළේ, බුත්තල – බඩල්කුඹුර මාර්ගයේ කටුගහකොළණිය වැව අසල සිට තවත් සිසුන් පිරිසක් සමඟ දිවීමේ පුහුණුවීම්වල නිරතව සිටියදී මෙම සිසුවා එකවරම බිම ඇද වැටී ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ පිරිස ඔහුව බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවා මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














