2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරන ලද කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. 2026 අයවැය යෝජනාවලට අනුකූලව නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර, ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.














