• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු ආදායම්ලාභි පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

21 May 2024
in දේශීය, පුවත්
නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාසවල පදිංචිවූවන්ගෙන් සියයට 50ට හිමිකම් ඔප්පු ලබා දිලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

හිමිකම් ඔප්පු ලබා දීමේ දී වැය වන නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු වලින් නිවාස හිමියන් නිදහස් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වෙයි. ඒ අනුව අදාළ නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා මගින් නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට යෝජනා කර තිබිණි.

මීට අදාළව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය ජනවාරි 04 වනදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඊට සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සදහන් කර තිබුණේ මෙම හිමිකම් ඔප්පු ප්‍රදානයේදී නිවාසවල පදිංචි එක් පාර්ශවයකට අගතියක් සිදු විය හැකි බවයි.

මෙම නිවාස වල පදිංචි ඇතැමුන් පසුගිය දෙසැම්බර් 31 වන දින සිට ගෙවිය යුතු නියමිත කුලී මුදල ගෙවා අවසන්ව ඇත. ඇතමුන් එලෙස ගෙවා අවසන්ව නොමැති නිසා අදාළ කාලයේ නියමිත කුලී මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්ව ඇති අයට මෙම අගතිය සිදුවිය හැකි බව නීතිපතිවරයා සිය නිරීක්ෂණ මගින් පෙන්වාදී තිබිණ.

ඒ අනුව විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය අප්‍රේල් මස අගදී නීතිපතිවරයාගේද නීරීක්ෂණ සැලකිල්ලට ගනිමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එමගින් යෝජනා කර තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වන දින වන විට නියමිත පරිදි කුලී මුදල් ගෙවා ඇති නිවාස හිමියන්ට ඔප්පු ලබා දීමේ දී ප්‍රමුඛතාවය ලබා දීමටයි. අනෙකුත් අයට අදාළ කාලසීමාව සදහා අය විය යුතු කුලී මුදල ගෙවා සම්පූර්ණ වූ පසු ඔප්පු ලබා දීමටත් මෙමගින් යෝජනා කර තිබුණි.

එමෙන්ම අඩු ආදායම්ලාභී නිවාස වල පුර්ණ අයිතිය පැවරීමෙන් පසු එම මහල් නිවාසවල නඩත්තු කටයුතු සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පත් කර ඇති සහාධිපත්‍ය කළමණාකරණ සංස්ථා වෙත පැවරීමටද නියමිතය.

ඒ සදහා නිධන් අරමුදලක් (Stinting fund) ඇති කිරීමටද අපේක්ෂා කරන අතර ඒ සදහා එක් නිවසක් වෙනුවෙන් රුපියල් 50,000ක් බැගින් නිවාස ඒකක 12,230ක් සදහා රුපියල් මිලියන 611.5ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

අනුර ප්‍රදිප්

Post Views: 9,883
Previous Post

සජිත්ගේ නිමල් එජාපයට

Next Post

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් සහ ඇමැති ටිරාන් අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් සහ ඇමැති ටිරාන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් සහ ඇමැති ටිරාන් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved