රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කෝවිඩ් මර්දන එන්නත් මිලියන 7 ක් ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 69.65 ක වැය වන අතර සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කල යෝජනාවට මෙම අනුමැතිය හිමිව තිබේ.
මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදියර කීපයක් යටතේ රුසියාවෙන් ආනයනය කෙරෙනු ඇත.
මේ වන විට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලංකං ජනගහනයෙන් මිලියන 14 කට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇත. එහි ආරම්භක පියවර වශයෙන් මිලියන 05 ක ජනගහනයකට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ශ්‍රී ලංකාව තුල හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මණ්ඩලයට දැනුම් දීමත් සමඟ මෙම තීරණයට එළැඹ ඇත.