වකුගඩු රෝගීන් සඳහා ඩයලිසිස් (Dialysis) ප්‍රතිකාර සපයන ආයතනවල ලාභය සීමා කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තය පනවා තිබූ නීතියක් අමෙරිකානු අභියාචනාධිකරණය විසින් අහෝසි කර තිබේ. මෙම නීතිය මගින් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය උල්ලංඝනය වන බවත්, රෝගීන්ට ආධාර කරන පුණ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට ඇති අයිතියට මෙයින් බාධා පැමිණෙන බවත් අධිකරණය තීන්දු කළේය.
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) විසින් 2019 වසරේදී මෙම නීතිය හඳුන්වා දුන්නේ වකුගඩු රෝගීන්ගෙන් රක්ෂණ සමාගම් හරහා අය කරන අධික ගාස්තු පාලනය කිරීමේ අරමුණිනි. කෙසේ වෙතත්, “Fresenius” සහ “DaVita” වැනි ප්‍රධාන පෙළේ ඩයලිසිස් සේවා සපයන ආයතන මෙන්ම අමෙරිකානු වකුගඩු අරමුදල (American Kidney Fund) මෙයට එරෙහිව නඩු පවරා තිබුණි. මෙම තීන්දුවත් සමඟ අඩු ආදායම්ලාභී රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව තහවුරු වන බව එම ආයතන පෙන්වා දෙයි.
දත්තවලට අනුව අමෙරිකානු වැඩිහිටියන් මිලියන 35.5 ක් පමණ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අතර, එයින් 800,000 ක් පමණ අවසාන අදියරේ (End-stage renal disease) පසුවේ. මෙලෙස දරුණු ලෙස පීඩා විඳින පිරිසෙන් බහුතරය සුළු ජාතික ප්‍රජාවන්ට අයත් බව ද අධිකරණ වාර්තාවල සඳහන් වේ.අමෙරිකානු සෞඛ්‍ය රක්ෂණ සහ වෛද්‍ය ගාස්තු පද්ධතියේ සිදුවූ මෙම වෙනස ලෝක අවධානයට ලක්වනු ඇත.














