• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

5 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණයි.

වත්මන් තරුණ පරපුර 2048 වසර වන විට වැඩිහිටි වියට පත් වී රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන භූමිකා ඉටු කරනු ඇත. ඒ අනුව අනාගත දේශපාලන ක්‍රමය සහ දේශපාලනඥයන් පිළිබඳ මැසිවිලි නොනගා දියුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරේ.

රට තුළ සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

නීතිය සහ ආර්ථිකය/ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, අනාගතය සඳහා කුසලතා/ තිරසාර සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාමාර්ග/ සෞඛ්‍ය, ආරක්ෂිත ආහාර සහ ජල ප්‍රමිතීන්/ ජාතික ආරක්ෂාව/ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා/ කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය/ ක්‍රීඩා/ සෞන්දර්යය – චිත්‍ර, සංගීතය, නාට්‍ය, චිත්‍රපට, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය/ කර්මාන්ත, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව/ තිරසාර නගර සහ ප්‍රජාවන්/ ජලය, වාතය, ගොඩබිම සහ සත්ව ආරක්ෂාව/ පාලනය, පාලනය සඳහා තාක්ෂණය, විනිවිදභාවය සහ දූෂණ පිටුදැකීම/ ජාතික සංවර්ධනය සඳහා කෘතිම බුද්ධිය සහ යාන්ත්‍රික විද්‍යාව ඉගෙනීම/ සාධාරණ සමාජයක් යන ක්ෂේත්‍ර කෙරෙහි ‍ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කෙරේ.

සාමාජික, තරුණ සංවිධාන සහ උපදේශක වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම සිදු කෙරේ.

සාමාජිකයෙකු ලෙස අයදුම් කිරීමේ වයස් සීමාව 16 – 35 අතර විය යුතු අතර තරුණ සංවිධානය සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 40ට අඩු විය යුතුය. උපදේශක තනතුර සඳහා වයස් සීමාවක් නොමැත.

ජාතික යොවුන් වේදිකාවේ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කරන ලද ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් සහිත පුද්ගලයින්ට උපදේශකවරයෙකු ලෙස අයදුම් කිරීමට හෝ එවැන්නන් වැඩසටහනේ උපදේශකයෙකු ලෙස නිර්දේශ කිරීමට හැකි අතර ඔවුන්ව තෝරා ගැනීම් සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුවය.

සියලුම අයදුම්කරුවන් තමන් කටයුතු කිරීමට අපේක්ෂා කරන එක් ක්ෂේත්‍රයක් පමණක් තෝරාගත යුතු අතර තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර [email protected] ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01″ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

පරිපාලනය, අන්තර්ගතය නිර්මාණය කිරීම, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය, සැපයුම් සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල සිය සේවාව ස්වේච්ඡාවෙන් ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂවරයා සමඟ ඍජුව සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.

 

Post Views: 5
Previous Post

සමුද්‍රීය ආරක්ෂාව, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් වැළැක්වීමට ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

Next Post

ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්

editor

editor

Next Post

ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved