• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න – ජනපති ත්‍රිකුණාමලයේදී කියයි

27 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල ග්‍රාම නිලධාරී වසමට අයත්, කිවුලේකඩවල විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 12 වැනි වැඩසටහනට සහභාගීවෙමිනි.

පත්වීම් ලද පාසලේම වසර අටක සේවා පදනම මත ඇතැම් විෂය පුරප්පාඩු සඳහා අලුතින් බඳවා ගැනීම් සිදු කෙරේ.

“බෝග වගා වර්ධනය සඳහා වැඩිපුර ඉඩම් අවශ්‍ය වෙනවා. එබැවින් වගාවට සුදුසු ඉඩම් කඩිනමින් හඳුනාගත යුතුයි. අස්වනු වැඩිකිරීම පිණිස ඉඩම්වල ඵලදායීතාව නැංවීමත් එක සේ වැදගත්. ඒ සඳහා ගොවීනට නවීන තාක්ෂණය හඳුන්වාදීමට සහය වන්න” ජනාධිපතිවරයා අවධාරණය කරයි.

සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන දිළිඳුකම පිටුදැකීමේ පරමාර්ථය ඇතිව ක්‍රියාත්මක කෙරිණ.
රැකියාලාභීනට එක් ක්ෂේත්‍රයකට සීමා නොවී බහුකාර්ය පුහුණුවක් දෙනු ලැබේ. දිළිඳුතම පවුල්වල අභිවෘද්ධිය උදෙසා සැලසුම් කළ මේ වැඩසටහන කඩාකප්පල් නොකරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අරමුණයි.

විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

ත්‍රිකුණාමලය නගරයේ සිට කි.මි 45ක් දුරින් මොරවැව, කුච්චවේලි, පදවි ශ්‍රී පුර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රදේශවලට මායිම්ව ගෝමරන්කඩවල පිහිටා තිබේ. ගෝමරන්කඩවල නගර මධ්‍යයේ සිට කිවුලේකඩවල ගම්මානයට ඇති ඇති දුර කි.මි 8කි. අනුරාධපුර යුගයට අයත් නටඹුන් රැසක් සහිත ගම්මානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය හඳුනාගෙන තිබේ. ගෝමරන්කඩවල සහ අවට ගම්මාන 2009 ට පෙර නිතර ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් විය.

කිවුලේකඩවල, අඩම්පනේ, කූටිටිකුලම සහ කෝණබැඳිවැව යන ගම්මාන කිවුලේකඩවල ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 416කින් සමන්විත කිවුලේකඩවල ග්‍රාමයේ ජනගහණය 1191කි. ඉන් පවුල් 125ක් සමෘද්ධිලාභීහූ වෙති. වී වගාව බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. බඩඉරිඟු, කවුපී, රටකජු සහ එළවළු අතුරු බෝග ලෙස වගා කරනු ලැබේ.

ජනාධිපතිවරයා “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගිවීමට කිවුලේකඩවල විද්‍යාලයට යන අතර මග දෙපස රැස්ව සිටී ජනතාවගෙන් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය. අසළ නිවාස කිහිපයක ජනතාව සමග ද කථා බහක නිරත වූ එතුමා මෙවර කන්නයේ වී අස්වනු පිළිබඳව සොයා බැලීය. කිලෝව රුපියල් 50ක අවම මිලට අළෙවි කිරීමට නොහැකිවන තෙතමනය සහිත වී රුපියල් 43කට මිලදී ගැනීමට රජය පියවර ගත් බව ජනාධිපතිවරයා ගොවීන්ට පැහැදිළි කර දුන්නේය. තම වී අස්වනු රජයට හෝ මිලදී ගන්නා ඕනෑම පාර්ශ්වයකට හෝ සිය අභිමතය පරිදි අළෙවි කිරීමට හැකි බවත්, රජය ඊට කිසිදු කොන්දේසියක් පනවා නැති බවත් රාජපක්ෂ මහතා පැවසිය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ වීමට පෙර SLT මොබිටෙල් ආයතනය හා පාසල් යටිතල පහසුකම් සහ පාසල් සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව කිවුලේකඩවල විද්‍යාලයේ ස්ථාපනය කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කන්තලේ ගම්තලාව මහා විද්‍යාලයේ චතුර මධුමාල් සිසුවා නිර්මාණය කළ “පාවහන් යුගලයේ සවිකළ, ඇවිදීමේදී විදුලිය උත්පාදනය කෙරෙන නව නිපැයුම” ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට තමා සහභාගීවන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනයට රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබේ. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින් ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

වන අලි තර්ජනය ගෝමරන්කඩවල ප්‍රදේශයේ ජනතාව දිගුකාලයක සිට මුහුණ පා සිටින ප්‍රධාන ගැටළුවකි. මේ ගම් වැසියෝ කලින් ත්‍රස්තවාදීන්ගේ භීෂණයට ගොදුරුව සිටියහ.
යුද්ධයෙන් අවතැන්ව සිට සාමය උදාවීමෙන් පසු සිය ගම් බිම් වෙත පැමිණ යළි පදිංචි වූ පාරම්පරික ගැමියනට තොරතුරු විමර්ශණයෙන් පසු ඔප්පු ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉඩම් කච්චේරියක් පවත්වා මහදිවුල්වැව සහ දිවුල්වැව ප්‍රදේශවල ඉඩම් ගැටළු නිරාකරණයට තීරණය විය.

යාං ඔය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවීමෙන් දීර්ඝ කාලයක සිට පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට සහ සෙසු ගැටළු විසඳීමට දිස්ත්‍රික් ලේම්වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණ කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණ.

වන අලි තර්ජනයට විසඳුමක් ලෙස ඉදිරි වසර ඇතුළත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි කි.මි 67ක් දිග අලි වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එය කඩිනමින් නිම කිරීමටත් බක්මීගම, මැදවච්චිය, තඹලගමුව, දහයිගණුව, මොරවැව ඇතුළු ගම්මානවල අක්‍රීයව ඇති අලි වැට වහා සක්‍රීය කිරීමට පියවර ගන්නා ලෙසත් රාජපක්ෂ මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ගොවි සංවිධාන එක්ව අලි වැට ඉදිකිරීමේ සහ රැක ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කරනු ලැබීය.

දිවයිනේ දුෂ්කරම අධ්‍යාපන කලාපයක් ලෙස ගෝමරන්කඩවල ප්‍රදේශය සැලකේ. යටිතල පහසුකම්, භෞතික සම්පත් සහ ගුරු හිඟය හේතුවෙන් අධ්‍යාපන ගැටළු රැසක් උද්ගතව තිබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසැල් 34ක ගුරු නිවාස ඉදිකිරීමට සහ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 34ක් වෙන් කර ඇති අතර පාසල් 15ක පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස ජල පෙරහන් යන්ත්‍ර සවි කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

දිවයිනේ සියලු පාසල්වල දක්නට ලැබෙන ගණිත, ඉංග්‍රීසි, විද්‍යාව සහ පරිගණක තාක්ෂණය ඇතුළු විෂයයන් උගන්වන ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ලබන සතියේ ඉල්ලුම් පත් කැඳවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ලේකම්වරයා පැවසීය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෑම පිරිවෙණකටම පරිගණක 05 බැගින් දීමට සහ දිවයිනේ සියලුම පිරිවෙන් විද්‍යායතනවල සිසුන් සඳහා ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම් කර ඇති බව ද සඳහන් කෙරිණ.

කිවුලේකඩවල විද්‍යාලයට රැස්වීම් ශාලාවක් සහ පන්ති කාමර ඉදිකරදීමටත් ගෝමරන්කඩවල මහා විද්‍යාලය ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනයටත්, ගුරු හිඟය පියවීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීනට උපදෙස් දුන්නේය.

ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයක් ලෙස නම් කිරීම ගැනත්, මහදිවුල්වැව මහා විද්‍යාලය ත්‍රෛභාෂා ආදර්ශ පාසලක් ලෙස සංවර්ධනය කිරීම ගැනත් සාකච්ඡාවට ලක් විය.

අඩම්පනේ – පුලිකණ්ඩිකුලම, ඈපාගම – කෝණබැඳිවැව, කිවුලේකඩවල – හැළඹවැව, කූට්ටිකුලම අතුරු මාර්ග ඇතුළුව ප්‍රදේශයේ කෘෂි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

තිරියාය හන්දියේ සිට ගිරිහඪු සෑය විහාරය දක්වා මාර්ගය, බක්මීගම – රන්ගිරි උල්පත සහ මල්පෝරුව – පුල්මුඩේ මාර්ගය ඇතුළු මාර්ග 41ක් ඉදිරි තෙවසර තුළ කාපට් අතුරා සංවර්ධනය කරන්නැයි ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියට නියම කළේය.

අඩම්පනේ ඛෙත්තාරාම විහාරස්ථානය ඇතුළු පූජ්‍ය ස්ථාන රැසක අඩු පාඩු කඩිනමින් විසඳීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය පහසුකම් ඉතා පහළ මට්ටමක තිබීම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින තවත් ගැටළුවකි. ගෝමරන්කඩවල ග්‍රාමීය රෝහල සහ කන්තලේ මූලික රෝහල , මොරවැව, තඹලගමුව ඇතුළු රෝහල් ගණනාවක වෛද්‍ය, හෙද සහ සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් තීරණය විය. පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා රුධිර ප්‍රේරණ ඒකකයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

පුලිකණ්ඩිකුලම වැව, කෝණබැඳිවැව, ඈපාගම අමුණ, තිඹිරිවැව, ඈපාගම වැව, මහ හැළඹ වැව ඇතුළු වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කර වගාවන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය. ප්‍රදේශයේ වැව් 39ක ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 125ක් වෙන් කර ඇති අතර, තවත් වැව් 99ක් “වාරි සෞභාග්‍යයා” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

ග්‍රාම සේවා වසම් 54ක පානීය ජල ගැටළුවට විසඳුම් දෙමින් අඩම්පනේ ජල ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ සහ විශාල ජනකායක් ඇතුළු පිරිසක් කිවුලේකඩවල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

ඡන්ද බලාගෙන මිනිසුන් රවටන්නේ නැහැ -ඇමති ඩලස් මාතරදී කියයි

editor

editor

Next Post

ඡන්ද බලාගෙන මිනිසුන් රවටන්නේ නැහැ -ඇමති ඩලස් මාතරදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved