කැනඩාවේ පවතින උග්‍ර ශ්‍රම හිඟයට පිළියම් සෙවීම සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, එරට ‘Express Entry’ වර්ගීකරණය යටතේ දක්ෂ විදේශීය වෘත්තිකයන් රැසක් බඳවා ගැනීමට කැනඩා රජය තීරණය කර තිබේ. සාමාන්‍යයෙන් සංක්‍රමණිකයන් තෝරාගැනීමේදී භාවිතා කරන සමස්ත ලකුණු ක්‍රමයට (CRS) වඩා, මෙවර ශ්‍රම වෙළඳපොළේ සෘජු අවශ්‍යතා මත පදනම් වූ විශේෂිත කුසලතා සහිත වෘත්තිකයන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව එරට බලධාරීහු අවධාරණය කරති. මෙමඟින් සුදුසුකම්ලත් ශ්‍රමිකයන්ට කැනඩාව වෙත සංක්‍රමණය වීමට සහ ස්ථිර පදිංචිය සඳහා පහසු අවස්ථාවන් හිමි වනු ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් වෛද්‍යවරුන්, පර්යේෂකයන්, කැනඩාව තුළ සේවා පළපුරුද්ද සහිත ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ ප්‍රංශ භාෂා ප්‍රවීණතාව සහිත පුද්ගලයන් වෙත රජයේ විශේෂ අවධානය යොමු වී ඇත. මීට අමතරව සෞඛ්‍ය සහ සමාජ සේවා, අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) යන ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට මෙන්ම විවිධ කාර්මික ශිල්පීන්ට (Trades) සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයන්ට ද මෙවර කැනඩාව විසින් වැඩි අවස්ථාවන් වෙන් කර තිබේ. මෙම නව ක්‍රමවේදය හරහා තීරණාත්මක ක්ෂේත්‍රවල ශ්‍රම අවශ්‍යතාව සපුරා ගනිමින් එරට පොදු සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට කැනඩා බලධාරීන් අපේක්ෂා කරන අතර, මෙයට අදාළ වැඩිදුර තොරතුරු එරට සංක්‍රමණික දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවි හරහා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.














