• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් දෙමළ සරණාගතයෙකු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

3 April 2026
in දේශීය, පුවත්, විදෙස්
කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන්  දෙමළ සරණාගතයෙකු  සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීට වසර 16කට පෙර මුහුදු මාර්ගයෙන් කැනඩාවට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෙකු වන කුමාර් තුරෙයිසිංහම් නැමැත්තා එරටින් පිටුවහල් කිරීමට අදාළ අධිකරණ ක්‍රියාවලියට තමන් මැදිහත් නොවන බව කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, එවැනි පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන් මුහුණ දෙන අවදානම සහ අනතුරු පිළිබඳව තමන් හොඳින්ම දන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පිළිගෙන තිබීම විශේෂත්වයක්.
පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2010 වසරේදී ‘M.V. Sun Sea’ නෞකාවෙන් කැනඩාවේ බටහිර වෙරළට ළඟා වූ 500කට ආසන්න සරණාගතයින් පිරිස අතර සිටි මෙම පුද්ගලයාගේ ඉරණම තීරණය කිරීමට වඩාත්ම සුදුසු ස්ථානය එරට අධිකරණය බවයි. මීට පෙර කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි සමයේදී, අදාළ නෞකාවෙන් පැමිණි පුද්ගලයන් නැවත ශ්‍රී ලංකාවට නොයවන ලෙස තමන් පෙනී සිටි බවද අමාත්‍යවරයා මෙහිදී මතක් කර දුන්නා. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ වසර කිහිපයකට පෙර එලෙස ශ්‍රී ලංකාවට යැවූ එක් අයෙකු ඝාතනයට ලක් වූ බවට එකල චෝදනා එල්ල වී තිබීමයි. කෙසේ වෙතත් 2025 වසරේදී ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් LTTE සංවිධානයට සම්බන්ධ කිසිදු කරුණකදී තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටින බවයි.
කැනඩාවේ සරණාගතයින් සඳහා වන කවුන්සිලයේ 2015 වාර්තාවකට අනුව, ‘M.V. Sun Sea’ නෞකාවෙන් පැමිණි අයගෙන් සියයට 63කගේ පමණ සරණාගත අයදුම්පත් පිළිගෙන තිබෙනවා. මෙම නෞකාව මෙහෙයවූ බවට චෝදනා ලැබූ සත්‍යපවන් ආසීර්වාදම් නැමැත්තා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු තමන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන ලද බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් පවසා තිබූ අතර පසුව ඔහු රිය අනතුරකින් මිය ගිය බව වාර්තා වුණා. වත්මන් නඩුවේ විත්තිකරු වන තුරෙයිසිංහම්ද කැනඩාවේ රැඳී සිටීම සඳහා තමන්ට ඇති අයිතිය වෙනුවෙන් කරුණු දක්වමින් මෙම මරණය සහ හිංසනයන් පිළිබඳව අධිකරණය හමුවේ සිහිපත් කර තිබෙනවා.
තමන් නැවත ශ්‍රී ලංකාවට ගියහොත් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට සම්බන්ධ වූවෙකු ලෙස සලකා සැකයට බඳුන් වීමේ දැඩි අවදානමක් පවතින බව තුරෙයිසිංහම්ගේ නීතීඥවරයා පවසනවා. වසර ගණනාවක් පැවති යුද ගැටුම් සහ වෙඩි හඬ හමුවේ බියෙන් පත්ව ශ්‍රී ලංකාවෙන් පළා ආ බව පවසන තුරෙයිසිංහම්, මුලින්ම තායිලන්තයට ගොස් එතැනින් කැනඩාව බලා යාත්‍රා කළ පැරණි නෞකාවට ගොඩ වී ඇත්තේ ඉතාමත් අසීරුවෙනි. ආහාර පාන නොමැතිව රළු මුහුදේ මාස ගණනාවක් බියෙන් සැකෙන් ගත කළ අයුරු ඔහු පරිවර්තකයෙකු මාර්ගයෙන් මාධ්‍ය වෙත හෙළි කළා.
ඔහුගේ සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප වුවද, පසුගිය කාලය පුරා වඩු කාර්මිකයෙකු ලෙස වැඩ බලපත්‍රයක් මත ඔහු ටොරොන්ටෝ හි ජීවත් වී තිබෙනවා. එහෙත් තමාට සිය බිරිඳ සහ දරුවන් තිදෙනා මුණගැසීමට නොහැකි වීමේ දැඩි මානසික පීඩනය නිසා ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අතර, පසුගියදා බීමත්ව රිය පැදවීමේ වරදකට වරදකරු වීම නිසා ඔහුව රටින් පිටුවහල් කිරීමට කැනේඩියානු දේශසීමා සේවා ආයතනය (CBSA) පියවර ගෙන තිබෙනවා. වසර 16ක් තිස්සේ කැනඩාවේ ජීවත් වීම නිසා තමන් දැන් කැනේඩියානුවෙකු ලෙස හැඟෙන බවත්, තමන්ව නැවත හරවා යැවුවහොත් කුමක් වේදැයි කියා දැඩි බියකින් පසුවන බවත් තුරෙයිසිංහම් අවසන් වශයෙන් පවසා සිටියා.
Post Views: 2
Previous Post

අම්බුළුවාවට එන විදේශීය සංචාරකයන් 15% දක්වා ඉහළ නැංවීමට කේබල් කාර් ව්‍යාපෘතියෙන් සැළසුම්

Next Post

ආරක්ෂක හේතූන් මත පැරිස් නුවර පැවැත්වීමට තිබූ මුස්ලිම් මහා සමුළුව ප්‍රංශ රජය තහනම් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක හේතූන් මත  පැරිස් නුවර පැවැත්වීමට තිබූ  මුස්ලිම් මහා සමුළුව  ප්‍රංශ රජය තහනම් කරයි

ආරක්ෂක හේතූන් මත පැරිස් නුවර පැවැත්වීමට තිබූ මුස්ලිම් මහා සමුළුව ප්‍රංශ රජය තහනම් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

3 April 2026
ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික  කවුන්සිලය නෙදර්ලන්ත  තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය නෙදර්ලන්ත තානාපතිවරයා හමුවෙයි

3 April 2026
ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ  සාම සාධක භටයින් ඝාතනය කිරීම  ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

3 April 2026
SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු  වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම  සාර්ථකව නිම කරයි

SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම සාර්ථකව නිම කරයි

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

3 April 2026
ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික  කවුන්සිලය නෙදර්ලන්ත  තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය නෙදර්ලන්ත තානාපතිවරයා හමුවෙයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved