කැනඩාවේ ‘ක්ඛාලිස්ථාන’ (Khalistan) බෙදුම්වාදී ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන ඉන්දර්ජීත් ගෝසාල්ට එරෙහිව පනවා තිබූ ගිනිඅවි සම්බන්ධ චෝදනා ඔන්ටාරියෝ අධිකරණය විසින් ඊයේ (2026 මාර්තු 26) අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ‘සික්ස් ෆෝ ජස්ටිස්’ (SFJ) සංවිධානයේ කැනඩා සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන 36 හැවිරිදි ගෝසාල්, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔෂාවා (Oshawa) ප්‍රදේශයේදී ගිනිඅවි 36ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම අධිකරණ තීන්දුවත් සමඟ ඔහුට පනවා තිබූ සංචාරක සීමා ද ඉවත් කර ඇති අතර, ලබන ඔක්තෝබර් 18 වැනිදා ඇල්බර්ටා (Alberta) ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බෙදුම්වාදී ජනමත විචාරණ කටයුතු සඳහා තමන් පූර්ණ වශයෙන් මැදිහත් වන බව ඔහු ප්‍රකාශ කර ඇත. 2023 වසරේදී ඝාතනයට ලක්වූ හර්දීප් සිං නිජ්ජර්ගේ (Hardeep Singh Nijjar) අනුප්‍රාප්තිකයා ලෙස මොහු කටයුතු කරයි.
නිජ්ජර්ගේ ඝාතනයත් සමඟ ඉන්දියාව සහ කැනඩාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වූ අතර, පසුගිය වසරේ මාර්තු මාසයේදී මාර්ක් කාර්නි (Mark Carney) කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු එම සබඳතා යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක මෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වී තිබේ.















