ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක් (Charlie Kirk) ඝාතනයට ලක් වූ අවස්ථාවේ මෙතෙක් අනාවරණය නොවූ නව වීඩියෝ දර්ශනයක් ප්‍රසිද්ධ කිරීමට කොන්සර්වේටිව් දේශපාලන විචාරිකා කැන්ඩස් ඕවන්ස් (Candace Owens) පියවර ගෙන තිබේ. Turning Point USA නිර්මාතෘවරයා වූ චාලි කර්ක්, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී යුටා නිම්න විශ්වවිද්‍යාලයේ (Utah Valley University) පැවැති උත්සවයකදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
කැන්ඩස් ඕවන්ස් විසින් එළිදක්වන ලද මෙම නව වීඩියෝව මඟින් චාලි කර්ක්ට වෙඩි තබන අවස්ථාව පිටුපස සිට රූගත කර ඇති අතර, එදින ඔහුව රෝහල වෙත රැගෙන ගිය රථයේ තිබූ සුන්බුන් සහිත ඡායාරූප ද ඇය ප්‍රසිද්ධ කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇය දිගින් දිගටම විවිධ කුමන්ත්‍රණ න්‍යායන් පතුරුවමින් සිටින අතර, චාලිගේ බිරිඳ වන එරිකා කර්ක් මෙන්ම ඊශ්‍රායල පාර්ශ්වයන්ගේ සම්බන්ධයක් ඇති බවට ද ඇය මීට පෙර චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම නව දර්ශන ප්‍රසිද්ධ කිරීමත් සමඟ බොහෝ පිරිසක් ඇයව විවේචනය කරන්නේ මෙය “ලැජ්ජා සහගත” ක්‍රියාවක් බව පවසමිනි. ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මරණය පවා සිය ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.













