අද (08) පෙරවරුවේ රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ, වර්තමාන ලෝකයේ මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ සෑම පුද්ගලයෙකුම සාමය උදෙසා මැදිහත් වන්නෙකු විය යුතු බවයි.
දේව මෙහෙය අමතමින් උන්වහන්සේ දැක්වූ අදහස් කිහිපයක් මෙසේය. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ධ මනුෂ්‍යත්වයේ පවතින ආත්මාර්ථකාමීත්වය දැඩි ලෙස පිළිඹිඹු කරන කැඩපතක් වන අතර, බලය සහ ධනය වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදීම මනුෂ්‍යත්වයට නිග්‍රහයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. එබැවින් වෛරය සහ ක්‍රෝධය පසෙකලා, සියලු ආගමික සහ වාර්ගික භේදවලින් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වය රජකරවීමට සියලු දෙනා පෙරමුණ ගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමින් පවතින ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ සාමය වෙනුවෙන් හඬක් නැගීම සහ අසරණ වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බව කාදිනල් හිමිපාණන්ගේ දේශනයේදී අවධාරණය කෙරිණි.














