නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ (NDB) මෑතකදී අනාවරණය වූ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික ජනතාවට සහතිකයක් ලබා දී තිබේ. රුපියල් බිලියන 13.2ක පමණ අතිවිශාල මුදලක් සම්බන්ධ මෙම වංචාව පිළිබඳව මහ බැංකුව දැඩි අවධානයෙන් පසුවන බව එම නිවේදනයේ සඳහන් වේ.මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සිදුවීමෙන් බැංකුවේ පාරිභෝගික ගිණුම්වලට හෝ තැන්පතුවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවයි. පාරිභෝගිකයන්ගේ සියලුම තැන්පතු සුරක්ෂිතව පවතින අතර බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවන බව මහ බැංකුව අවධාරණය කරයි.බැංකුවේ ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතින බව ද මේ දක්වා සිදු කළ විමර්ශනවලින් තහවුරු වී තිබේ. බැංකුවේ ස්ථාවරත්වය සහ තැන්පතුකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක මැදිහත් වීමට සූදානම් බව මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටියි.














