• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි

22 January 2024
in දේශීය, පුවත්
CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

එමගින් හඳුනා ගන්නා රථ වාහන වැරදි වලට අදාළ දඩ පත්‍රිකා , වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සළස්වනු ඇත.

මේ යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන සේවයක් ලෙස කොළඹ නගරය තුළ රථවාහන නීති උල්ලංඝනය සී සී ටී වී තුලින් නිරීක්ෂණය සිදුකරනු ලබයි.

යුරෝපය ඇතුළු ලොව දියුණු රටවල් රාශියක පොලිස් රථවාහන කොට්ඨාශය විසින් භාවිතා කරනු ලබන මෙම නවීන තාක්ෂණික ක්‍රමවේද මෙරට මාර්ග නිරීක්ෂණය සඳහා හඳුන්වාදීම තුළින් වඩාත් කාර්යක්ෂමව පොලිස් රථ වාහන රාජකාරි සිදු කිරීමට හැකිවන අතරම රියදුරන් අතර විනය තවදුරටත් වර්ධනය කිරීමට ද හැකියාව ලැබේ.

ඒ සමග කොළඹ නගරයේ බොහෝ ස්ථානවල රථ වාහන පොලිස් නිලධාරින් භෞතිකව රාජකාරිය නිරතවීම අවම වනු ඇති. හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බලසූරිය මහතාගේ නිල කාලය තුළ ආරම්භ වී ඇති සීසීටීවී කැමරා පද්ධතිය දශක කිහිපයක් තුළ කොළඹ තුළ ස්ථාපිත කොට තිබුණ නමුත් ඉන් ඵලදායි සේවයක් මෙතෙක් ලබාගෙන නැත. දැනට පැය අටක සේවා මුරයක් තුළ රථවාහන පොලිස් නිලධාරියකු විසින් භෞතිකව ලබාගන්නා රථවාහන වැරදි ප්‍රමාණය පහක් හයක් පමණ වේ. නමුත් එම ස්ථානයේම ස්ථාපිත කළ හැකි ඇති සීසීටීවී කැමරාවක් තුළින් තුන්සියයකට අධික වැරදි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබී ඇත. ඊට හේතුව පොලිස් නිලධාරීන් විසින් රථ වාහන තදබදය අවම කිරීම සඳහා රථවාහන හැසිරවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි.

සිසිටීවී තාක්ෂණය රථ වාහන පොලිසිය හා සබැඳිව යොදා ගැනීම උදෙසා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඍජු සබඳතාවයක් පොලිස් දෙපාර්තමේන්තු සමග පවත්වයි. ඒ අනුව නිරීක්ෂණය කරන වාහනවල නීත්‍යානුකූල ලියාපදිංචිය, හිමිකරුවන් ආදී තොරතුරු ඉතාමත් කෙටි කාලයක් තුළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීමට පොලිස් සීසීටීවී කොට්ඨාශය වෙත අවස්ථාව හිමිවේ.ඒ අනුව කොළඹින් බැහැර ප්‍රදේශයක ලියාපදිංචි රථයක් මගින් සිදු කරන රථවාහන වරදක් පිළිබඳව වුවද අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා එහි හිමිකරු දැනුවත් කිරීමට පොලිස් සී සී ටී වී කොට්ඨාශයට හැකියාව ඇත. ඒ තුළින් වඩාත් මහජන මිත්‍රශීලීසේවාවක් ලබාදීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණයි.

එසේම මෙම සේවාව ආරම්භ කරන ජනවාරි විසි දෙවැනි දා සිට සතියක කාලයක් ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඒ වෙත හැඩගැසීම සඳහා සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. ඒ අනුව අදාළ සතියක කාලය තුළ සී සීටී වි පද්ධතිය හරහා නිරීක්ෂණය කරන රථවාහන වැරදි සඳහා අවවාද පත්‍රිකාවක් නිකුත් කෙරෙනු ඇත. ඒ තුළින් නීතිගරුකව රිය පැදවීම සඳහා මහජනතාව දිරිමත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණයි.

Post Views: 528
Previous Post

පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි – ඇමති ප්‍රසන්න

Next Post

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් – ඇමැති රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් – ඇමැති රමේෂ්

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් - ඇමැති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved