නිවෙස්වල පියසි මත සූර්ය පැනල සවි කර වසර එකහමාරක් දෙකක් පමණ කල්ගත වී ඇති නමුත් ඒ සඳහා සබඳතාවයන් ලබා දීමට විදුලි බල මණ්ඩලය තවමත් ක්‍රියා කර නොමැති බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි පවසා සිටියේ අඩු ආදායම්ලාභීන්ට ද සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
අඩුආදායම්ලාභී සමෘද්ධි සහනාධාරය හිමි පවුල් ලක්ෂයක වහල මත සූර්ය කෝෂ සවි කර මාසිකව රු. 2 500 ක ආදායමක් හිමිවන පරිදි වසර 15කට පසුව සම්පූර්ණ අයිතිය ඔවුන්ට හිමිවන ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පසුගිය ජනවාරි 31 විදුලිබල පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නෛතික කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පාර්ලිමේන්තුවට සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම කුඩා සංශෝධනයක් සිදු කිරීමට මෙතරම් ප්‍රමාදවීම හේතුවෙන් වසර 2013 සිට මේ දක්වාම ආණ්ඩු ගණනාවකට පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ද පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” හැමෝම කතා කරනවා විදුලි බල මාෆියාවක් පිළිබඳව. මම නම් මාෆියාව යන්න විශ්වාස කරන්නේ නැහැ. මොකටද මේ රටේ ජනතාව ආණ්ඩුවක් හදන්නේ , පළාත් සභාවක් හදන්නේ , ප්‍රාදේශිය සභාවක් හදන්නේ, අපි බලයට පත් වුණාට පස්සේ මාෆියාව නිසා බැරි වෙනවා , අරයා නිසා බැරි වෙනවා , මෙයා නිසා බැරි වෙනවා කියල කියනවා නම් මිනිස්සු ඇයි අපිට ආණ්ඩුවක් හදල දුන්නේ. මාෆියාව කියන්නේ බොහොම ජනප්‍රිය වචනයක් . හැබැයි අපි දැන ගන්න ඕනි උත්තරේ කොහෙද තියෙන්නෙ ? උත්තරේ කොහොමද හොයා ගන්නෙ කියල. ඒ අනුව තමයි අපි කැබිනට් මණ්ඩලයට ගිහින් පනත වෙනස් වෙන්නෙ . කරන්න බැරිවුණ බොහෝ ව්‍යාපෘති කරනන් පුළුවන් තත්ත්වයට ගෙනත් තියෙන්නෙ. අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම, අද වෙනකොට මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා. මේ වගේ නිලධාරීන් ඉන්නව නම් , දේශපාලඥයන් ඉන්නවනම් , මේ හැමොටම දඩුවම් දිය යුතුයි කියල මමත් විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් අපේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් සපුරා ගන්න. ඒ අනුව අපිට සිද්ධ වෙනවා තව අවුරුදු 8ක් තුළ මෙගාවොට් 9 000ක් පමණ අළුතින් පද්ධතියට එකතු කරන්න තියෙනවා . ප්‍රවාහන ක්ෂේත්රය සඳහා වැය කරන ඉන්ධන ප්‍රමාණය පවා අඩු කළේ නැත්නම් අපට එය දරා ගැනීමට බැරි වෙනවා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මොගාවොට් 50 හා ඊට වඩා වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අපිට යෝජනා 534 ක් ලැබුණා. අපි හෙට වෙනකොට මේ ටික ලැයිස්තුගත කරල විදුලිබලමණ්ඩලයට ලබා දෙනවා අව්‍යශ ඉතිරි වැඩ ටික සිදු කරන්න . යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.