2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මෙතෙක් ඉටු කළ විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම අද (09) සිට ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා තිබේ.
විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන ඉලක්කයයි. ඒ අනුව මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය EDL සමාගම වෙත පවරා ඇත. මෙම නව ව්‍යුහය හරහා මහජනතාව සමඟ වඩාත් සමීපව කටයුතු කරන පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් ලබා දීමට රජය අපේක්ෂා කරයි. විදුලිබල ක්ෂේත්‍රය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමටත්, නාස්තිය අවම කිරීමටත් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වැදගත් පියවරක් වනු ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.















