ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් නිදහස් සේවක සංගමය අද (09) පස්වරු 3:00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවකයන් වෙනුවෙන් සාධාරණ සාමූහික ගිවිසුමක් (Collective Agreement) ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇත.
නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි සාකච්ඡාවක් ලබා දෙන තෙක් සේවකයන් යළි සේවයට වාර්තා නොකරන බවයි. වර්ජන කාලය තුළ විදුලි උත්පාදන කටයුතු සහ අත්‍යවශ්‍ය මෙහෙයුම් පවත්වාගෙන ගියද, දිවයින පුරා සිදුවන විදුලි බිඳවැටීම් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















