සුපිරි ගායන තරුවක වන සෙලීන් ඩියොන් (Céline Dion) වසර ගණනාවකට පසු නැවතත් වේදිකාවට පිවිසෙමින් ප්‍රංශයේ පැරිස් නුවර පවත්වනු ලබන ප්‍රසංග මාලාව හේතුවෙන් එරට සංචාරක ක්ෂේත්‍රයට විශාල ආර්ථික පිබිදීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පැරිස් නුවර ‘La Defense Arena’ හි පැවැත්වීමට නියමිත ප්‍රසංග 16 හේතුවෙන් යුරෝ මිලියන 300 ත් 500 ත් අතර ආදායමක් පැරිස් ආර්ථිකයට එක්වනු ඇති බව Choose Paris Region ආයතනයේ සභාපති ඇලෙක්සැන්ඩ්‍රා ඩුබ්ලාන්ච් (Alexandra Dublanche) පවසයි.
මෙම ප්‍රසංග මාලාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පැරිස් නුවර හෝටල් වෙන්කරවා ගැනීම් 400% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, Booking.com වෙබ් අඩවියේ ‘පැරිස්’ සඳහා සිදු කරන සෙවීම් ප්‍රමාණය ද 49% කින් ඉහළ ගොස් තිබේ. ප්‍රවේශ පත්‍ර අලෙවියට අමතරව, විදේශීය සංචාරකයින් හෝටල්, අවන්හල් සහ සාප්පු සවාරි සඳහා විශාල වශයෙන් මුදල් වැය කරනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.














