1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය සංස්කෘතික හා ආගමික ස්මාරක සංවර්ධනය, ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
කලාකරුවන්ට මූල්‍ය ආධාර පිරිනැමීම සහ සංස්කෘතික මෙන්ම ආගමික ක්ෂේත්‍රයන්හි ජාතිය වෙනුවෙන් සේවය කළ පුද්ගලයින්ට ප්‍රදානයන් සිදු කිරීමේ ක්‍රියාවලිය වර්තමානයට ගැලපෙන පරිදි විධිමත් කිරීමට අපේක්ෂිතය.
මෙම පනත සම්මත වී මේ වන විට වසර 45කට අධික කාලයක් ගත වී ඇති බැවින්, එහි ඇති ඇතැම් විධිවිධාන නූතන සංස්කෘතික හා කළමනාකරණ අවශ්‍යතාවන් සමඟ නොගැලපෙන බව රජය හඳුනාගෙන තිබේ.
මෙම සංශෝධනය හරහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ විනිවිදභාවය ඉහළ නැංවීමටත්, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම කිරීමටත් රජය අපේක්ෂා කරයි.














