ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත ප්‍රදේශයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා නිරක්ෂණ චාරිකාවක නිරත විය.
ඓතිහාසික වශයෙන් වැදගත්මකමක් උසුලුන ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත ආරක්ෂා කොට සුරකිමින් වැඩිදියුණු කිරිම සදහා පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමෙන්තුව සහ සංචාරක දෙපාර්තමෙන්තුව එක්ව වැඩපිළවෙලක් සකස් කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදි අදාළ නිලධාරින්ට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙහිදි ලග්ගල ප්‍රාදේශීය ලේකම් සවර්ණා පෙරරේරා මහත්මිය කියා සිටියේ සති අන්තයේ දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් මෙම ස්ථානය නැරඹිම සහ පුද පුජාවන් සදහා සහභාගි වන බැවින් විධිමත් වු වැඩපිළිවෙක් ප්‍රාදේශිය සභෘව සහ අනෙක් වගකිව යුතු ආයතන එක්ව එක්වට නැංවිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපරිම සහයෝගය ලබා දිමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය
මෙහිදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත් සංචාරක දෙපාර්තමෙන්තුව සහ අදාල පළාත් පාලන ආයතන එක්ව මෙම ස්ථානය සංචාරකයින් සදහා සහ බැතිමතුන් සදහා පරිසරයට හානි නොකර එහි පාරිසරික ආගමික වටිනාකම ආරක්ෂා කොට සුරකිමින් වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය උපදෙස් තමන් ලබා දිමට සුදානම් බවය.
මෙම චාරිකාව සදහා ලග්ගල ප්‍රාදේශිය ලේකම් සවර්ණා පෙරේරා මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ
මාතලේ මහේෂ් කිර්තිරත්න