මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාර්තා වේ. ඊයේ (05) උදෑසන වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 09යි අඟල් 03කින් ද, කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 16යි අඟල් 05කින් ද පහළ බැස ඇති බව ජලාශ භාර නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
පවතින වියළි කාලගුණයත් සමඟ සිදු කරනු ලබන කැලෑ ගිනි තැබීම් හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යෑමේ තර්ජනයක් පවතින බව නිලධාරීන් අනතුරු අඟවයි. කෙසේ වෙතත්, පවතින ජල ධාරිතාව උපයෝගී කර ගනිමින් ජල විදුලි නිෂ්පාදනය සඳහා අදාළ බලාගාර වෙත අඛණ්ඩව ජලය සැපයීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
















