මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස තිබේ. අද (08) පෙරවරු 6.00 වන විට මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 10 ක් ද, කාසල්රී ජලාශය අඩි 15 ක් ද වශයෙන් පහත බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැන්යෝන්, විමලසුරේන්ද්‍ර සහ බ්‍රෝඩ්ලන්ඩ් යන බලාගාර සඳහා විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ජලාශ දෙකෙනි. මේ අතර, ජල පෝෂක ප්‍රදේශවල පවතින රක්ෂිත සහ මානා පතන්වලට සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන ගිනි තැබීම් ද ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවීමට තවත් හේතුවක් වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.














