මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පැවති පුරප්පාඩු වෙනුවෙන් නව පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (07) පවත්වන ලදී. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී විදුහල්පති සේවය සඳහා තෝරාගත් නවක නිලධාරීන් 27 දෙනෙකු වෙත සිය පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය.
මෙලෙස පත්වීම් ලැබූ පිරිස මධ්‍යම පළාතේ තෝරාගත් පාසල් වෙත අනුයුක්ත කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ. පාසල් පද්ධතියේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් මෙම පත්වීම් ප්‍රදානය කර ඇති අතර, මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. නව විදුහල්පතිවරුන්ගේ පැමිණීමත් සමඟ පළාතේ පාසල්වල පවතින පරිපාලන ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














