ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පවත්වන ලද නිහඬ විරෝධතාව අද (06) අවසන් කෙරුණි. තමන්ට හිමිවිය යුතු වට්ටම් දීමනාව කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව එය නතර කිරීමට පියවර ගැනුණි.
එම සාකච්ඡාවේදී බෙදුම්කරුවන් ඉදිරිපත් කළ ගැටලුවලට සභාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවකට පැමිණීමෙන් පසු විරෝධතාව නිමාවට පත් විය.














