දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම දිනය නියම කර තිබේ.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ 2016 වසරේදී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවකි. එහිදී පළාත් සභාව සඳහා රේඛනය කළ (Crossed) චෙක්පතක් සිය පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ගැනීමෙන් “දූෂණය” නැමැති වරද සිදු කළ බවට අල්ලස් කොමිසම මගින් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇත.














