ෆේස්බුක් සමාගමේ වර්ධන සමයේ එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සහ ටෙස්ලා (Tesla) වැනි සමාගම්වල මුල්කාලීන ආයෝජකයෙකු වූ කැනේඩියානු-ඇමෙරිකානු ජාතික චමත් පලිහපිටිය, ලෝක බිලියනපති ශ්‍රේණිගත කිරීම් සහ ශුද්ධ වත්කම් ප්‍රස්ථාර හුදෙක් “නිර්මාණය කරන ලද මායාවක්” (Construct) පමණක් බව පවසයි. නිඛිල් කාමත් සමඟ පැවැත්වූ ‘People by WTF’ නම් වූ පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, තමන් අභ්‍යන්තර පද්ධතීන් දෙකක් මත ක්‍රියා කරන බවයි. ඉන් එකක් ජයග්‍රහණය සඳහාම කැපවූ දැඩි තරඟකාරී ස්වභාවයක් ගන්නා අතර, අනෙක මෙම ධන ලුහුබැඳීමේ ක්‍රීඩාවේ පදනම පිළිබඳවම ප්‍රශ්න කරන වෙන්වූ ස්වභාවයක් ගන්නා බව ඔහු සඳහන් කරයි. වත්කම් මැනීමේ නිර්ණායක සහ සමාජ මාධ්‍ය අනුගාමිකයන් සංඛ්‍යාව වැනි දේ ඇතැම් අවස්ථාවල ඉතා වැදගත් යැයි හැඟුන ද, කාලයත් සමඟ ඒවා වේගයෙන් මැකී යන බව ඔහු අවධාරණය කළේය. තමන් කවුදැයි විමසූ විට ඔහු සරලව පිළිතුරු දුන්නේ තමන් “හුදෙක් සාමාන්‍ය මිනිසෙකු” පමණක් බවයි. ජීවිතයේ මුල් අවධියේදී මුදල් සම්බන්ධයෙන් තිබූ ආකල්පයට වඩා දැන් තමන් ලෝකය දකින ආකාරය බෙහෙවින් වෙනස් වී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් කළේය.














