වත්මන් විපක්ෂයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චානක බණ්ඩාර මහතා අද (අප්‍රේල් 08) ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ පොළොවේ යථාර්ථය සහ භූමියේ දේශපාලනය නිවැරදිව හඳුනන විපක්ෂ නායකවරයෙකු වුවද, එවැනි නායකත්වයක් වර්තමානයේ දැකගත නොහැකි බවයි. විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලින් බැහැරව හුදු සංඛ්‍යාලේඛන සහ සටන් පාඨවලට පමණක් සීමා වී ඇති බවත්, එම නිසාම රට තුළ සැබෑ විපක්ෂයක අඩුවක් පවතින බවත් ඔහු අවධාරණය කළේය. පවතින ආර්ථික සහ ජාත්‍යන්තර අර්බුද හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින විට, ඔවුන්ට නිසි මගපෙන්වීමක් ලබා දීමට හෝ රජයට නිවැරදි විවේචනයක් එල්ල කිරීමට වර්තමාන විපක්ෂය අසමත් වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම රජය විසින් සිදු කරන ඇතැම් ක්‍රියාවන් විවේචනය කිරීමේදී විපක්ෂය අනුගමනය කරන “පුන්නක්කු” දේශපාලනය සහ පදනම් විරහිත චෝදනා හමුවේ ඔවුන් තවදුරටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතින බව චානක බණ්ඩාර මහතා පවසා සිටියේය. ජනතාව දැන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින, ප්‍රායෝගික වැඩපිළිවෙලක් සහිත විපක්ෂයක් මිස මාධ්‍ය සංදර්ශන පවත්වන නායකත්වයක් නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තත්ත්වය හමුවේ විපක්ෂයේ අභ්‍යන්තරය තුළ ද නායකත්වය පිළිබඳව ගැටලු මතුවෙමින් පවතින බවත්, සැබෑ ජනතා හඬ නියෝජනය කරන නව දේශපාලන බලවේගයක අවශ්‍යතාවය මෙරට දේශපාලන භූමිය තුළ තදින්ම දැනෙමින් පවතින බවත් ඔහු සිය ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියේය.















