අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අත්‍යවශ්‍ය වුවද, ආණ්ඩුව හඳුන්වා දෙන දෝෂ සහිත ක්‍රමවේදයන්ට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක මාදුගොඩ මහතා පවසයි. ජාතිකත්වය, සංස්කෘතිය සහ සදාචාරාත්මක වර්ධනය සුරැකෙන නිවැරදි ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නේ නම් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
නවීන අධ්‍යාපනය යනු හුදෙක් ස්මාර්ට් බෝඩ් භාවිත කිරීම හෝ විෂය නිර්දේශයන්ට QR කේත ඇතුළත් කිරීම පමණක් නොවන බවත්, වෙනත් රටවල ක්‍රමවේදයන් එලෙසම පිටපත් කිරීමට වඩා මෙරටට ගැළපෙන ක්‍රමයක් සකස් කිරීම වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ඉන්දීය සාගර කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව ඉතා කල්පනාකාරීව තීන්දු ගත යුතු බව සඳහන් කළේය. විශේෂයෙන්ම, ඇමරිකානු submarine ප්‍රහාරයකින් ගාල්ලට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාවේ (IRIS Dena) දිවි ගලවාගත් නාවිකයන් නැවත ඉරානයට යැවීම වැළැක්වීමට ඇමරිකානු තානාපති කාර්යාලය බලපෑම් කරන බවට පළවන වාර්තා පිළිබඳව අවධානය යොමු කරමින්, ජාත්‍යන්තරය හමුවේ රටක් ලෙස එකම ස්ථාවරයක සිට කටයුතු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.














